අපි රාජ්‍ය ආයතන විකුණන්නේ ජනතාවාදී විදිහට…! – සජිත්…

February 11, 2024 at 7:57 pm | by emanisa.lk

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයි. රාජ්‍ය ආයතනවල සිටින පිරිසගේ අයිතීන් සුරක්ෂා වන වැඩපිළිවෙළක් හරහා ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යන්න සිදු වෙනවා.

පාඩු ලබන ආයතන බදු ගෙවන්නන්ගේ බදු මුදුල්වලින් පෝෂණය කිරීමට හැකියාවක් නෑ. ඒ නිසා සේවක අයිතිවාසිකම් සුරක්ෂා කරගෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *