තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බවත් එම යුද්ධය ජයග්‍රහණය කළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
“යුතුකමක් ඉටුකරන්න අද අපි ආවේ. යුද්ධ කරේ සාමය වෙනුවෙන්. කාවවත් අල්ලගන්න නෙමෙයි. අපි යුද්ධ කළේ රට බේරගන්න. ඉදිරියට මේවා කරයි ද? නැද්ද කියන්න බෑ.. ඒක එන ආණ්ඩු එක්ක තමා තීරණය වෙන්නේ.
යුද්ධය කියන්නේ ඛේදවාචකයක්. නමුත් අපේ හමුදා ජයග්‍රහණය කරා. යුද්ධයේ දී එක පැත්තක් ජයග්‍රහණය කරන්න එපැයි. ජාතික ආරක්ෂාව ඉතින් ප්‍රශ්නයක් නෑනේ. ජනතාව රට ආරක්ෂා කරන්න ඕනේ…”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ, අද (20) උදෑසන බත්තරමුල්ල රණවිරු සැමරුම් ස්මාරකය අසල පැවති රණවිරු සැමරුමකට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.