අපි බදු ගහනවා නෙමෙයි, රට ගලවා ගැනීමේ මෙහෙයුමක් කරනවා…! – ජනපති…

February 21, 2023 at 8:01 pm | by emanisa.lk

වර්තමානයේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු පැනවීමකින් එහා ගිය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

“මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉනිමගක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019දී පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 9% දක්වා පහළ ගොස් තිබෙනවා.

ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොම ද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන ඔබට සහනයක් දෙන්නේ කියලා.”

SLIM ආයතනය විසින් සංවිධානය කරන ලද 2023 වසර සඳහා වන බදුකරණ සංසදයේ මුඛ්‍ය දේශනය පවත්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *