අපි පාර්ලිමේන්තුව ළඟට ගියේ නිකං..! පාර්ලිමේන්තුව වටලන්න නෙමෙයි…! – හඳුන්නෙත්ති…

February 9, 2023 at 5:07 pm | by emanisa.lk

තමා ඇතුළු පිරිස පාර්ලිමේන්තුව අසලට ගියේ පාර්ලිමේන්තුව වැටලීමට නොවන බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තමන්ට පාර්ලිමේන්තුවේ නියෝජනයක් ඇති අතර පාර්ලිමේන්තුව වැටලීමේ උවමනාවක් තමන්ට නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

එදින ද අනුර දිසානායක පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ බවත් පාර්ලිමේන්තුව වටකර ප්‍රශ්න ඇසීමේ උවමනාවක් තමන්ට නොතිබූ බවත් ජවිපෙ හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

youtube නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *