අපි දැන් සාමාන්‍ය ජනතාවගේ වීරයින් බවට පත්වෙලා…! – සජිත්…

January 17, 2021 at 2:34 pm | by emanisa.lk

මේ රටේ ජනතාවගේ සියලු ප්‍රශ්න තමන්ට ජාතික ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාව ඉස්මතු කළ සියලු සාධනීය ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට තමන් කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

පොදුජන වේදනාව ඉස්මතු කරන මහා උද්ඝෝෂණ රැල්ලක් ජනතාව සමග රට පුරා ආරම්භ කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

මේ වන විට සමගි ජන බලවේගය මේ රටේ පොදු ජනතාවගේ වීරයින් බවට පත්ව ඇති බව ද එම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළිදරව් කළේ ය.

අද (17) විපක්ෂ නායක ජංගම සේවාවට බුත්තල ඔක්කොම්පිටිය ප්‍රදේශයේ දී එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස