අපි තෙල් දෙන්නේ නැවෙන් බාන මිලටත් වඩා අඩුවෙන්… ඒ නිසා මාසෙට බිලියන ගාණක් ආණ්ඩුවට පාඩුයි…! – නි. ඇමති ටී. බී. සරත්…

November 16, 2026 at 12:29 pm | by emanisa.lk

රජය ජනතාවට ඉන්ධන ලබාදෙන්නේ නැවෙන ගොඩබාන මිලටත් වඩා අඩුවෙන් බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“කහපාට ගෑස් සමාගම මිල වැඩි කළා. අපි වැඩි කළාද නිල පාට ගෑස් ? වැඩිකරලා නෑ. දැන් ජනතාවට රජයේ අපේ ගෑස් අපි ජනතාව වෙනුවෙන් අඩුකරලා දෙන්නෙ. දැන් තෙල් ටික ඕගොල්ලන්ට දෙන්නෙ බිලියන ගාණක් මාසෙකට රජය වියදම් කරගෙන වැඩිපුර වියදම.

දැන් ඒගොල්ලො කියනවානෙ තෙල් නැවෙන් බාන ගාණට දෙන්න කියලා. තෙල් නැවෙන් බාන ගාන ගාණට දුන්නොත් ඔයිට වැඩිය වැඩි වෙනවා තෙල් මිල. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවට ගොඩක් සහන දෙනවා, වැටුප් විතරක් නෙවෙයි මේ වැඩි කළේ.”

ටී. බී. සරත් මහතා මේ බව පැවසුවේ පසුගිය වසරේ දිට්වා සුළිකුණාටුවෙන් හානියට පත් නිකවැව, අටකොටස, සමගි අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (15) පැවති උත්සවයක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස