අපි කරන සංවර්ධනයට මාධ්‍යවල ඉඩක් නෑ….! ඊළඟ අවුරුදු 03 ඇඟට දැනෙන සංවර්ධනයක් කරනවා…! – නාලග ගොඩහේවා….

July 29, 2021 at 3:26 pm | by emanisa.lk

කොරෝනා වසංගතයෙන් ලෝකය ම බැටකමින් සිටිද්දී සංවර්ධන කටයුතු අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහරලීම සහ පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පූඩළුඔය සතිපොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

කෙතරම් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වුවද ඒ සඳහා මාධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරයක් නොලැබෙන බවත්, ඊට වඩා මාධ්‍යවල අවධානය යොමුව ඇත්තේ කොරෝනා ගැටලුවට සහ වෙනත් සෘණාත්මක ප්‍රවෘත්තිවලට බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ සෘණාත්මක ප්‍රවෘත්ති සඳහා වැඩි ජනතා ආකර්ශනයක් ලැබෙන බවට ජනමාධ්‍ය ආයතන විස්වාස කරන බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ යුද්ධයක් පවතිද්දී පවා සංවර්ධන කටයුතු විධිමත්ව පවත්වාගෙන ගිය බව පෙන්වා දෙන ඇමැති නාලක ගොඩහේවා පවසන්නේ 2015 වසරෙන් පසු එම සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වූ බවයි.

කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමග නැවතත් රට සංවර්ධනය කිරීම ආරම්භ වී ඇති බවත්, ඉදිරි වසර 03 ක කාලය තුළ ජනතාවගේ ඇහැට පෙනෙන, ඇඟට දැනෙන සංවර්ධනයක් සිදු කරන බවත් ඇමතිවරයා පවසයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර අවසන් බවයි ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස