“අපි එකට දුවමු අක්කේ…” කී හේෂා අන්තිමට මාව කැපුවා..! – දමිතා අබේරත්න…

October 11, 2024 at 3:27 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීම උදෙසා කිසිදු කලාකරුවෙකු තමන් මෙන් කැප නොවූ බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

ඇය පෙන්වා දෙන්නේ මහා මැතිවරණය සඳහා රත්නපුරෙන් ඉදිරිපත් වන ලෙස හේෂා විතානගේ ඉල්ලා සිටි අතර “අපි එකට දුවමු අක්කේ. කොහොම හරි මේක ගොඩදාමු” යැයි සඳහන් කළ බව ද ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද අවසානයේ හේෂා විතානගේ තමන් ද සජිත් ප්‍රේමදාස ද නොමග යවා ඉතා ම පහත් මට්ටමකට ඇද වැටෙමින් සිය නම අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දමා ඇති බවට චෝදනා කරයි.

මෙම ක්‍රියාවට එරෙහිව අධිකරණයට යන නමුත් සජිත් ප්‍රේමදාස මහතා තමන්ට සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි, දමිතා අබේරත්න අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *