අපි ආණ්ඩුවට එන්න ගත් තීන්දුව හරි….! තෙල් ටික කන්න ටික තියෙන රටක් හැදුවා..! – මනූෂ….

August 27, 2022 at 12:55 pm | by emanisa.lk

තමන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීන්දුව නිවැරදි බව මේ වන විට සනාථ වී ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

ඇමැතිවරයා පෙන්වා දුන්නේ, මේ වන විට ජනතාවට කෑම බීම තිබෙන තෙල් ටික තිබෙන තත්ත්වයක් රටේ තිබෙන බවයි.

තමා සහ හරීන් ප්‍රනාන්දු ගත් තීන්දුව නිසා රට යම් තැනකට ඔසවා තැබීමට හැකි වූ බවත් රංජන් රාමනායක නිදහස් කරගත හැකි වූ බවත් ඔහු අවධාරණය කළේය.

ජනපති සමාව ලබා රංජන් රාමනායක මාදිවෙල නිවාස සංකීර්ණය වෙත පැමිණි අවස්ථාවට එකතු වෙමින් ඇමැති මනූෂ නානායක්කාර මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *