අප්‍රේල් 25ත් ඡන්දේ නෑ කියලා දැන් ඉතා ම පැහැදිලියි…! – පැෆරල් සංවිධානය..

March 15, 2023 at 7:48 pm | by emanisa.lk

එළඹෙන අප්‍රේල් 25 වෙනිදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බව සක්සුදක් සේ පැහැදිලි යැයි පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

මැතිවරණය කල් දැමීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළ ආණ්ඩුව අවසානයේ අධිකරණ තීන්දුවට අවනත වනු ඇතැයි තමන් විශ්වාස කළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද මේ වන විට අධිකරණ තීන්දුව නොතකා හරිමින් එය විවේචනය කරමින් ඉතා ම කනගාටු තත්ත්වයකට පත්ව ඇතැයි ද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මේ ආකාරයට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර හැරීම එම ජනතාව වෙනත් මාර්ග වෙත ඇද දැමීමක් බවට ද ඔහු චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *