ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2025 වර්ෂයේ පළමු මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86ට ළඟා වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බව ද අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජුනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා වී ඇති අතර එය 2024 ජුනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයකි.
2025 ජුනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්‍රී ලංකා රේගුව සහ විද්‍යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරයි.