අද කවර මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්ව නැඟිටිමු යන මැයෙන් පොදුජන පෙරමුණ ඊයේ (16) නාවලපිටියේ පැවැත්වූ ජනහමුව අමතමිනි.
“අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුණා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. පොදු එකඟතාවකට එන්න කිව්වහම ඒක මඟහරිනවා. සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ. ඒ අයට වගකීම් බෑ.
ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න. අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙර දී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව. අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතා ම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.
විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණය පිළිබඳව අපි සැලකිලිමත් වන්න ඕනෑ. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. ඒ වෙනුවෙන් විශේෂ සැලකිල්ලක් යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කරන්න හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා. කරලා තියෙනවා. අපි එහෙම පක්ෂයක් විදිහට මැදිහත්ව තියෙනවා. එකමුතුව මේ ප්‍රශ්න විසඳා ගන්න අපිට අනාගතයක් නිර්මාණය වෙනවා. ඒ වෙනුවෙන් රජය ගන්න සෑම උත්සාහයකටම අපි සහාය දෙනවා.
මුලින් නතර වෙලා තිබුණු තැනින් පියවරක් හෝ ඉදිරියට යමු. ඉදිරියට යන්න ඒ සඳහා එක්ව වැඩ කරමු. අනෙක් ඔක්කොම දෙවනුව අපිට විසඳා ගන්න පුළුවන්. කෘෂිකර්මාන්තය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, තේ රබර් කර්මාන්තය වේවා, වෙනත් කර්මාන්ත වේවා, ඔීනෑම වෘත්තියක් වේවා, විදේශ ගත ශ්‍රමිකයන් වේවා, දේශපාලඥයන් වේවා මේ සියලුම දෙනාට අද අවශ්‍යතාවක් තියෙනවා එක්ව මේ රට ගොඩනගන්න. අපි ඒකට පෙළ ගැසෙන්න ඕනෑ.”