අනේ මාව ජනාධිපති කරන්න…! – සරත් දිලිත්ගේ සහය පතයි…

October 10, 2023 at 9:58 am | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගිය දිනක දෙරණ සභාපති දිලිත් ජයවීර හමුවී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඔහුගේ සහාය ඉල්ලා තිබේ.

තමා ජනාධිපති වී පිහිටුවන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති ධූරයක් ලබා දීමටත් ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමටත් එහි දී සරත් ෆොන්සේකා විසින් දිලිත් ජයවීරට පොරොන්දු වී තිබේ.

කෙසේ වුව ද මෙම යෝජනාව දිලිත් ජයවීර ප්‍රතික්ෂේප කොට ඇති අතර තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බව තහවුරු කර ඇත.

සරත් ෆොන්සේකා සමග ඔහුගේ උපදේශක, රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේගේ සැමියා වන සේනක සිල්වා ද මෙම ගමනට එකතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *