අනුර-සජිත් විවාදය පිටුපස මහා කුමන්ත්‍රණයක්.. මහමොළකරු සජබ ඇතුළේ…!

April 8, 2024 at 5:15 pm | by emanisa.lk

කතා පැවැත්වීම හැර විවාද කිරීමේ ඉතිහාසයක් සජිත් ප්‍රේමදාස මහතා සතු නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

“අවුරුදු 76ක් මේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා, දැන් අපේ ප්‍රතිපත්ති මොනවද කියල අහනව සතියෙන් සතිය අලුත් මාතෘකා ගෙන විත් පුස් වෙඩි වගේ විනාශ වෙලා යනවා.

දැන් තියෙන අලුත්ම මාතෘකාව විවාදයකට එන්න ලු.විවාද කරන්න අපි සූදානම් ඒකට පිළිවෙලක් කලාවක් තියෙනවා .ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය මැතිවරණයට ඉදිරිපත් වෙන්නැති අය සමග විවාද කරලා තේරුමක් නෑ .

ඕනෑම කරුණක් සඳහා අපි අපේ අපේක්ෂකයා විවාද කරන්න එවන්න සූදානම්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙනත් ජනතාව ඉදිරියේ අපි විවාදය පවත්වමු. ඒක කිව්වම මුහුණ දෙන්න බැරුව යට යනවා ඔය විවාද මාතෘකාව අරන් තියෙන්නේ ප්‍රේමදාස මහත්තයාව යට යවන්න. මේක ඇතුළෙන්ම සිදුවෙන කුමන්ත්‍රණයක් හැටියට මට හිතෙනවා.”

‘ගැහැණු අපි එක මිටට’ තේමාව යටතේ පැවති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී මන්ත්‍රීවරිය එසේ කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *