අනුර වැඩි කල් නොයා වැල් පාලමෙන් වැටෙනවා… දරුවා භාර ගන්න ඉන්නේ රනිල් එක්ක විහිළු එපා…!

April 30, 2025 at 5:45 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව වැඩිකල් නොපවතින බවත් නුදුරේ දී ම ජනාධිපති අනුර දිසානායක වැල් පාලමෙන් වැටෙන බවත් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.

අනුර වැල් පාලමෙන් වැටුණු පසු ආදරයෙන් හදාගත් ලංකාව නැමති දරුවා නැවත රනිල් වික්‍රමසිංහට භාර දීමට සිදුවන බව ද ඔහු අවධාරණය කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද ගැන බංකුවක් රැගෙන ගොස් ටියුෂන් ගැනීමට සිටින රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමට ගෙන්වා විහිළු කිරීමෙන් වළකින ලෙස ද හෙතෙම සඳහන් කරයි.

බටලන්ද කොමිසමෙන් හෝ චාමර සම්පත් සිද්ධියෙන් රනිල් වික්‍රමසිංහගේ මයිලකට හානියක් කිරීමේ හැකියාවක් නොමැති බව ද සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *