ජනාධිපති රාජපක්ෂලා වැල් පාලමෙන් එගොඩ කරල ජනතාව හෙළට තල්ලු කළා…! – සජිත්…

September 30, 2022 at 1:48 pm | by emanisa.lk

රාජපක්ෂලා ඇතුළු ඔහුගේ අනුගාමිකයන් වැල් පාලමෙන් එගොඩ කළ ජනපති රනිල් වික්‍රමසිංහ සමස්ත ජනතාව හෙළට තල්ලු කර ඇතැයි සමඟි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පෙරේදා (28) බුත්තල පැවති සමඟි ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීමේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

“වත්මන් ජනාධිපතිවරයා බලයට පැමිණි පසු වැල් පාලමකින් එතෙර විය යුතු බව කීවත් මේ වන විට වැල් පාලමෙන් එතෙර වී ඇත්තේ රාජපක්ෂවරු සහ ඔවුන්ගේ ගජ මිතුරන් පමණයි.

ලක්ෂ 220ක් වූ රටේ සමස්ත ජනතාව වැල් පාලමෙන් හෙළට තල්ලු කළා. ආණ්ඩුව මගඩියක් වෙලා. රට ගොඩනැඟීමට නව ජනවරමක් අවශ්‍යයි. රටේ ආර්ථික අර්බුදය විසඳීමට රාමුවෙන් පිටත සිතමින් නව ක්‍රමවේද සඳහා ප්‍රවේශයක් ලබා ගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස