අනුර වාද කරන්න කතා කරන දවස් ටිකේ ම මම බිසී…! – සජිත්…

April 23, 2024 at 4:33 pm | by emanisa.lk

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල සජිත් ප්‍රේමදාස මහතා යොදාගත් වැඩකටයුතු ඇති බව එම පක්‍ෂය පවසයි.

ජාතික ජනබලවේගයේ විධායක සභික නලින්ද ජයතිස්ස මහතා හමු වී පාර්ශ්ව දෙකටම හැකි දිනයක විවාදය යොදාගන්නා බවත් පක්‍ෂ දෙකේ නායකයන් දෙදෙනා අතර සහ ආර්ථික කමිටු අතර විවාදයට එකඟතාව පළවිය යුතු බවත් සමඟි ජන බලවේගය සඳහන් කර තිබේ.

එම විවාදය ලබන මැයි මස 7, 9, 13 හෝ 14 යන දිනයන්ගෙන් එකක පැවැත්විය හැකි බව ජාතික ජන බලවේගය ඊයේ දැනුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *