විදුලි බල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන වංචා පිළිබඳ විවාදයකට එන ලෙස අනුර දිසානායකට සිදුකළ ආරාධනය ඔහු මගහැර ගොස් ඇතැයි විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
ඇමැතිවරයා පවසන්නේ අදාළ අභියෝගය සිය පක්ෂය විසින් භාරගෙන ඇතැයි අනුර දිසානායක ප්‍රකාශ කොට ඇති බවයි.
ඒ සඳහා පක්ෂය නම් කළ වසන්ත සමරසිංහ සහ අනුර දිසානායක යන දෙදෙනා සමගම තමා තනිව විවාදයකට පැමිණීමට සූදානම් බව කාංචන විජේසේකර සඳහන් කරයි.