අනුර ජනාධිපති වුණ ගමන් ආර්ථිකේ හදන්න බෑ.. ඒකට ටික කාලයක් යනවා..! – සුනිල් හඳුන්නෙත්ති…

May 13, 2024 at 10:49 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ආර්ථිකය යහපත් අතට හැරවීමට යම් කාලයක් ගතවෙනු ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභිකයකු සහ ආර්ථික කමිටු සාමාජිකයකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“අපට අපි ආණ්ඩුවක් අරගෙන එක රැයින් ආර්ථිකය වෙනස් කරන්න බෑ. අපි එහෙම බොරු පොරොන්දුවක් දෙන්න ඕනෙ නෑ.

අනුර සහෝදරයාට කියන්න පුළුවන්ද දැන් මම ජනාධිපති, ඒක හින්දා මම මාස හයක් හතක් රනිල් වගේ ඉඳලා, ගෝඨාභය මහත්තයා කරා වගේ ටික දවසක් කරලා, ඊටපස්සෙ අනුර දිසානායක වගේ කරන්නම් කියලා?

අපට ආර්ථිකය වෙනස් කරන්න සාධාරණ කාලයක් යාවි. හැබැයි දේශපාලනය වෙනස් කරන්න යන්නෙ නෑ පැය 24යි.”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *