ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඊයේ (03) මාධ්‍ය හමුවේ දී තමන්ට එරෙහිව නැගූ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යෝෂිත රාජපක්ෂ පවසයි.
ඉඩම් සහ ඔප්පු අංක ඉදිරිපත් කරමින් එම ඉඩම් තමන්ගේ බවට සිදුකළ ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම අභූත චෝදනා සිදුකළ අනුර දිසානායකට එරෙහිව නීතිය හමුවට යාමට සිය නීතීඥවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි, ඔහු වැඩි දුරටත් පවසන්නේ.