අනුර ආගමක් දහමක් නැති මිත්‍යාදෘෂ්ටිකයෙක්…! පිරිත් නූල ගලවලා පන්සලේ මිදුලට විසි කළා..! – මිහින්තලේ නායක හිමි…

December 14, 2023 at 9:52 am | by emanisa.lk

ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පසුගිය දිනයක සිය විහාරස්ථානයට පැමිණි බව මිහින්තලේ විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.

ඒ අවස්ථාවේ පිරිත් නූලක් බැඳ ආශීර්වාද කොට හොඳින් රට පාලනය කරන ලෙස අනුශාසනා කළ බවයි, එහිමියන් සඳහන් කළේ.

කෙසේ වුව ද ආවාස ගෙයින් එළියට බසින අවස්ථාවේ ම අනුර දිසානායක පිරිත් නූල ගලවා මිදුලට විසි කළ බවත් ධම්මරතන හිමි හෙළි කරයි.

එය දුටු සිය ශිෂ්‍ය හිමිවරුන් ද රියදුරා ද තමන් වෙත අදාළ සිද්ධිය අනාවරණය කළ බවත් “එවුන් මිත්‍යාදෘෂ්ටිකයෝ. උන්ට ආගමක් දහමක් නෑ. ගණන් ගන්න එපා” යැයි තමන් වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළ බවත් ධම්මරතන හිමි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

youtube නාළිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් එහිමියන් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *