දේශීය සම්පත් පිළිබඳ පම්පෝරි ගහන කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තවාදීන් මෙන් තමන් බහුජාතික සමාගම්වල මුදලට වෙන්දේසී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විකල්ප යැයි කියා ගන්නා එම කණ්ඩායම් දැනටමත් සිය ප්‍රතිපත්ති පාවා දී මුදලට විකිණී අවසන් බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (11) අම්පාරේ පැවැති සමගි ජන බලවේගයේ ගොවිජන ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමගි ජන බලවේග රජයක් යටතේ ඉඩම්, ඉඩම් සංවර්ධන, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග, මහවැලි ආදී අමාත්‍යාංශ එක අමාත්‍යාංශයක් යටතට ගෙනවිත් ජාතික කාෂිකර්මන ප්‍රතිපත්තියක් නිර්මාණය කර මෙරට ගොවියා සැබවින්ම රටේ රජවරුන් බවට පත් කරන බවත් රටට බත සපයන ගොවියා දෙවියන් ලෙස සලකන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.