අනුරට රනිල් එපා ම වෙයි…! රනිල් ළඟ ඉන්න බෑම කියයි…! වෙන අසුනක් ඉල්ලයි…!

June 21, 2021 at 7:05 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ අසල හිඳ ගැනීම දැඩිව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අද (21) පාර්ලිමේන්තුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා අවස්ථාවේ ය.

එහි දී ගයන්ත කරුණාතිලක අමතා අනුර දිසානායක පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහට කිසිසේත් තමන්ට යාබද අසුන ලබා නොදෙන ලෙස ය.

පාර්ලිමේන්තු ආසන පනවන්නේ ජ්‍යෙෂ්ඨත්වය, පාර්ලිමේන්තුවේ උසුලන තනතුරු, පක්ෂ නායකත්වය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් බව වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහට හිමි වූ⁣යේ පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තේ 16 වන අසුන ය. ඊට යාබද අසුන ජවිපෙ නායන අනුර දිසානායකගේ ය.

කෙසේ වුවද මෙම ආසන පැනවීම සමග රනිල් අනුර නැවත එකතු වීම පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධ උපහාසාත්මක ප්‍රකාශ පළවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *