අනුරගේ තවත් පචයක් අතේ පත්ති වෙයි! සජීවී ලැම්බෝගිනි පචයෙන් හාන්සියි! (video)

July 30, 2020 at 11:41 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2015ට පෙර පැවති ආණ්ඩුව සමයේ ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ලංකාවට ගෙන ආ බව තමන් කිසිසේත්ම ප්‍රකාශ නොකළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

සිරස රූපවාහිනියේ වැඩසටහනකදී අනුර දිසානායක දැඩි ලෙස කියා සිටියේ තමන් එවන්නක් කිසි දිනක කියා නැති බවත් තමන් කියන සියලු දේ පරම සත්‍යය පමණක් බවත්ය.

නමුත් සමාජ ශාලාවන් එක්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා මෝටර් රථ 19ක් ශ්‍රී ලංකාවට ගෙන්වූ බව අනුර දිසානායක විසින් ජන හමුවක පවසන ආකාරයයි.

ඒවායේ වරාය ගාස්තු පවා අන්තිම රුපියලට කියන්නට ජවිපෙ නායකයා එහිදී සමත්කම් දක්වන අතර මෙදා සිරස නිවේදකයාට තරමක් තදින් අමතන අනුර දිසානායක කියා සිටියේ තමන් සහ තම පක්ෂය පැවසූ දේවල් ගැන මිස අනුන් පැවසූ දේවල් ගැන තමන්ට වගකීමක් නොමැති බවත් එහෙයින් තමන් කළ කී දේ ගැන පමණක් විමසන ලෙසත්ය.

https://www.facebook.com/wishwa.chinthana/videos/3421356977894927/?t=98

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස