ශ්‍රී ලංකාවට ඉන්ධන මිලයට ගැනීම සඳහා ඩොලර් මිලියන 500ක ණයක් ලබා දීමට ඉන්දියාව අද (18) කටයුතු කර තිබේ.
මේ වන විට ඩොලර් අර්බුදය නිසා ශ්‍රී ලංකාව තෙල් මිල දී ගැනීමට නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
අද දහවල් විදුලි බල මණ්ඩලය සතුව පැවැති අවසන් තෙල් සංචිතය ද නිමා වීම නිසා සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු ද නතර කර තිබිණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අතර පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය මුදල ලැබී තිබේ.
ඇතැම් පාර්ශ්ව අද සිට විදුලිය බිඳ වැටී වාහන මහ මග නතර වී රට සම්පූර්ණයෙන් බිඳ වැටෙනු ඇති බවට අනතුරු අඟවවා තිබිණි.