ගම්මන්පිලගේ අමත්‍යංශෙ ණය අර්බුදයක…! ඩොලර් බිලියනක විදෙස් ණයක් සොයයි…! චීනයත් බෑ කියයි…!

June 21, 2021 at 8:04 am | by emanisa.lk

බලශක්ති අමාත්‍යංශයේ ණය පියවීම සඳහා විදේශ බැංකුවකින් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ගැනීම සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

මෙම ණය මුදල ලබාගන්නේ අමාත්‍යංශය යටතේ ඇති ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් ලබාගෙන ඇති ඇමරිකානු ඩොලර් මිලියන 2081ක ණය මුදල පියවීමට බව සඳහන් වෙයි.

මේ වන විටත් ණය ලබාදෙන විදේශ ආයතන 09කින් මේ සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර බලශක්ති අමාත්‍යංශය විසින් මින් පෙරදී ස්ටේට් බෑන්ක් ඔෆ් ජපෑන් සහ ස්ටේට් බෑන්ක් ඔෆ් චයිනා යන බැංකු ද්විත්වයෙන් 3%ක පොළී අනුපාතයක් යටතේ ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ණය වශයෙන් ලබා ගැනීමට ඉල්ලීමක් සිදු කළ ද, ශ්‍රී ලංකාවේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන එම ආයතන විසින් ණය ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියනයක ණයක් ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කළ යෝජනවට කැබිනට් අනුමැතිය ද හිමි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *