අන්තවාදීන්ගේ වර්ජනවලට අපි නෑ…! විදුලිය බිඳ වැටුණොත් වහා ම හදනවා..! – ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය…

December 3, 2021 at 6:49 am | by emanisa.lk

හදිසි විදුලි බිඳවැටීමක් සිදු වුවහොත් කඩිනමින් එය යථාවත් කිරීමට සියලු කටයුතු යොදා ඇති බැවින් ජනතාව කිසිදු ආකාරයකින් කලබලයට පත්විය යුතු නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මෙන්ම විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති නන්දික පතිරගේ පවසයි.

විදුලි පද්ධතිය භාරව සිටින ප‍්‍රධානීන් මෙන්ම ඉංජිනේරුවන්, විදුලි අධිකාරිවරුන් ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩල සාමාන්‍ය පරිදි ඒ ඒ කාර්යයන් කරගෙන යන බවත් යම් හෙයකින් විදුලිබල බිඳ වැටීමක් සිදුවුවහොත් කඩිනමින් එය යථාවත් කරන බව වගකීමෙන් සඳහන් කරන බවත් හෙතෙම කීය.

එක්තරා අන්තවාදී පිරිසක් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන විශාල පිරිසක් සිටින බව ද නන්දික පතිරගේ තව දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *