අන්තරේ විරෝධය පයිසෙකට ගණන් නොගනී…! ජනපති කැලණි සරසවියේ විවෘත කිරීමක..!

January 31, 2024 at 2:24 pm | by emanisa.lk

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරුවේ විවෘත විය.

ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවක නිරත වු අතර පෙරේදා රාත්‍රීයේ ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණි.

කෙසේ වෙතත් අනතුරුව සිසු පිරිස එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ සවස් වන තුරුම විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ලට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීමට ඉඩ ලබානොදී විරෝධතාවක නිරත වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *