අන්තරේට රාජ්‍ය විරෝධී චෝදනා…! තහනම් කරන්න සූදානම්…?

August 25, 2022 at 3:35 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන නවගමුව දේවාලයේ රඳවා තබා ඇතැයි නීතීඥ නුවන් බෝපගේ පවසයි.

එලෙස දේවාලයේ රඳවා තබා ඇත්තේ මුදලිගේ කුමන බන්ධනාගාරයට රැගෙන යා යුතු දැයි ඉහළින් නියෝග කරන තුරු බවයි, නීතීඥ බෝපගේ පෙන්වා දෙන්නේ.

මේ රටේ අරගලයක් ඇති වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිසාය යන පූර්ව නිගමනයක වසන්ත මුදලිගේගෙන් ප්‍රශ්න කරන පිරිස සිටින බවට තමාට උපදෙස් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කල්ලියක් ලෙස නම් කර තහනම් කිරීමේ දිශානතියට එම පරීක්ෂණ සිදුවන බවට තමාට වැඩි දුරටත් උපදෙස් ලැබී ඇති බව ද නුවන් බෝපගේ ප්‍රකාශ කළේය.

තංගල්ල පැරණි බන්ධනාගාරයේ දී වසන්ත මුදලිගේ හමු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *