අධිවේගී මාර්ග ජාලයේ පාලනය රාජ්‍ය සමාගමක් වන සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා තුරු අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ සූදානම් වෙති.
මාර්ග සංවර්ධන අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලයේ රැකියා අනතුරට හෙළමින් ආයතනය සතු දේපොළ බාහිර පාර්ශ්වයන්ට පැවැරීමට එරෙහිව එම අධිකාරියේ සියලු වෘත්තීය සමිති එක්ව සිටින බව එහි එක්සත් පොදු සේවක සංගමය පවසයි.
අධිවේගී මාර්ගයන්හි මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අප්‍රේල් 01 දින සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පවරා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර තිබේ.