අධිවේගයෙන් දළදා වඳින්න යන දවස ළඟයි..! මීරිගම-කුරුණෑගල කොටස ජනතා අයිතියට..!

January 15, 2022 at 5:43 pm | by emanisa.lk

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ මාර්ගයේ දුර ප්‍රමාණය කිලෝ මීටර් තිස් දෙකක් වන අතර ගමන් කාලය විනාඩි 25 ක් ලෙස ගණන් බලා ඇත. මීරිගමින් ඇතුළු වී කුරුණෑගලින් හෝ යග්ගපිටියෙන් පිටවන රෝද හතරේ වාහනයක රුපියල් 250ක් ද, රෝද හයේ වාහනයක් සඳහා රුපියල් 350ක් ද, රෝද හයට වැඩි වාහනයක් සඳහා 550ක් සඳහා අය කරන බව අධිවේගී මාර්ග පරිපාලනය කියයි.

මෙම කොටසේ අන්තර් හුවමාරු ස්ථාන පහක් ඇති අතර පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මාර්ගය ඉදිකර ඇත්තේ නාගරික ප්‍රදේශ මග හරිමින් ය.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ක් වේ. ඇතුගල්පුර පිවිසුම විවෘත කිරීමේ ජනහමුව සවස 5.00 ට කුරුණෑගලදී පැවැත්විණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *