අධිරණයට අපහාස කිරීම: රංජන්ට එරෙහි දෙවන නඩුවත් කැඳවයි…! කොන්දේසි විරහිතව රංජන්ගෙන් කනගාටුව..!

March 9, 2022 at 2:35 pm | by emanisa.lk

අධිකරණයට අපහාස කිරීම යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති දෙවැනි නඩුවේ පැමිණිල්ල ලබන 25 වැනිදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් හමුවේ පැමිණිල්ල අද කැඳවනු ලැබීය.

බන්ධනාගාර නිලධාරීන් විසින් රන්ජන් රාමනායක අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

එහිදී රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතීඳ අනුර මැද්දේගොඩ අධිකරණයට පැවසුවේ මෙම නඩුවට පාදක ප‍්‍රකාශය සම්බන්ධව තම සේවාදායකයා කොන්දේසි විරහිතව අධිකරණය හමුවේ කනගාටුව ප‍්‍රකාශකිරීමට බලාපොරොත්තුවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *