අධික මිලෙන් මත්පැන් නිෂ්පාදනය කඩා වැටේ… එතනෝල් ගොඩගැසේ… කසිප්පු බීම 30%කින් නගී…!

June 23, 2024 at 11:41 am | by emanisa.lk

මත්පැන් නිෂ්පාදනය අඩු වීම හේතුවෙන් ඉස්කාගාර හතක එතනෝල් ලීටර් ලක්ෂ හැටක් පමණ ගොඩ ගැසී තිබේ.

තව දුරටත් එතනෝල් ගබඩා කිරීමේ පහසුකම් නොමැති වීම නිසා ඉදිරියේ දී උක් අස්වනු මිලට ගැනීම සම්බන්ධයෙන් ද එම ස්කාගාර දැඩි ගැටලුවකට මුහුණ දී ඇත.

පවතින තත්ත්වය යටතේ එතනෝල් ලීටරයක මිල රුපියල් එක්දහස් දෙසීයේ සිට රුපියල් හත්සියය දක්වා අඩු වී තිබේ.

මත්පැන් මිල ඉහළ යාම නිසා ජනතාව නීතිවිරෝධී මත්පැන් භාවිතයට නැඹුරු වී ඇති අතර නීති විරෝධී මත්පැන් භාවිතය සියයට තිහකින් පමණ ඉහළ ගොස් තිබෙන බව මුදල් කාරක සභාවේදී ප්‍රකාශ අනාවරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *