අධිකරණ නියෝගයෙන් පොලිසිය අමාරුවේ… රාජාංගනේ සද්ධාරතන අත්අඩංගුවට…!

November 18, 2026 at 2:52 pm | by emanisa.lk

රුවන්වැලි සෑ පරිශ්‍රය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන නමැත්තා සහ තවත් අයෙක් අනුරාධපුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන නැමැත්තා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි.

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය වෙත රැගෙන විත් තිබේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *