ලංකාව පවතින තුරු මාලිමාණ්ඩුව විතරයි… තව අවුරුදු විස්සක් අනුර ජනාධිපති…! – රාජාංගනේ සද්ධාරතන හිමි…

November 15, 2026 at 7:17 pm | by emanisa.lk

රටට පේන තෙක් මානයක නායකයෙක් නැති නිසා ලංකාව පවතින තුරු මාලිමාණ්ඩුව පවතින බව රාජාංගනේ සද්ධාරතන හිමි පවසයි.

වර්තමාන ආණ්ඩුව අවුරුදු පහ සම්පූර්ණ කළහොත් නැවත එය හෙල්ලීමටවත් නොහැකි බවද අවම වශයෙන් අනුර දිසානායක අවුරුදු විස්සක් මේ රටේ ජනාධිපති බවද එහිමියන් අවධාරණය කරයි.

කුඩු අල්ලන හොරු අල්ලන ආණ්ඩුව වැට්ටවීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් බලංගොඩ කස්සප කුඩුකාරයෙකු බව සමාජ මාධ්‍යවල පළවී ඇති බවත් සද්ධාරතන හිමි ප්‍රකාශ කරයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් එහිමියන් මේ බව පවසා ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *