අධිකරණයෙන් රංජන්ට කිසි බුරුලක් නෑ….! පෙත්සම ඉවත දමයි… මන්ත්‍රීකම අහෝසි වීම ස්ථිරයි…!

April 5, 2021 at 10:25 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා රංජන් රාමනායක ගොනු කළ රිට් පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (05) තීන්දු කළේය.

පෙත්සම් සම්බන්ධයෙන් නීතිමය පදනමක් නොමැති බවට නීතිපති කළ මූලික විරෝධතාව පිළිගනිමින් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදී.

රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිළිබඳ නියෝගය අද (05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *