අද සිට දින 04ක් විදුලිය කපන්න යයි…!

December 4, 2021 at 1:16 pm | by emanisa.lk

නොරොචෝලේ බලාගාරය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට ප.ව. 09.30 දක්වා පැයක කාලයක් විදුලිය සීමා කරන බව වාර්තා වෙයි.

අද (04) උදෑසන නොරොචෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ද සැලසුම් කර තිබිණි.

සෙසු මෙගාවොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 04ක් පමණ ගත වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංච් මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *