අද ඡන්දයක් තිබ්බත් පොහොට්ටුව දිනනවා..! – මහින්ද…

October 16, 2022 at 10:15 pm | by emanisa.lk

අද මැතිවරණයක් පැවැත්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන් ජයග්‍රහණය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ” එක්ව නැඟිටිමු ” යන මැයෙන් පොදුජන පෙරමුණ අද (16) නාවලපිටියේ පැවැත්වූ ජනහමුව අමතමිනි.

“අපිටත් වැරදුන තැන් තියෙනවා. අපි ඒක පිළිගන්නවා අවංකවම. හැබැයි අපිට වැරදුනා කියලා උඩපැනපු කවුරුත් ඉතිහාසයේ වැරදි නොකරපු අය නෙමෙයි. වැරැද්දක් වුණාම ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා.

පොදු එකඟතාවකට එන්න කිව්වහම ඒක මඟහරිනවා. සමහරු ඉන්නවා අපිට දෝෂාරෝපණය කරන එක විතරයි කරන්නේ.  ඒ අයට වගකීම් බෑ. ඔවුන් කැමති රට කරන්න නෙමෙයි. රට ගිනි තියන්න. ඒ නිසා ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන්න.

අද අපි එද්දි පෙළපාලියක් තිබුණා. මම එන්න විනාඩි ගාණකට පෙර දී විසුරුවා හැරලා. මොකද්ද ඒකේ තේරුම. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා මේ රටේ කොටසක් ඉන්නවා අපිට විරුද්ධව.

අද වුණත් මහ මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමා ඇත්ත. අද අපි රට වටේ යනවා. මේ තත්ත්වය ඉතාම පැහැදිලිව අපිට පේනවා. අපි එක්ව නැඟිටිමු කියන යෝජනාව මුළු රටටම ඇහෙන්න කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස