අදත් ආසාදිතයින් 892ක්…! බස්නාහිර වයඹ පාසල් වැසේ…! ගාල්ලේ පැත්තකුත් ලොක්ඩවුන්…!

April 26, 2021 at 7:41 pm | by emanisa.lk

අද (26) තවත් කොවිඩ් ආසාදිතයින් 892ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. 266 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් නික්ම ගොස් තිබේ.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි.

කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.

එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ තිරිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරෙනු ඇත.

එසේ ම ගාල්ල රත්ගම ඉඹුල්ගොඩ සහ කටුදම්පෙ ගම්මාන අද රාත්‍රී 8 සිට හුදෙකලා කිරීමට තීන්දු කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *