අතීකාල මදි වී දුම්රිය ලෙඩවෙයි…! ගමන්වාර 800ක් අවලංගුයි…!

November 1, 2023 at 9:55 am | by emanisa.lk

අතීකාල දීමනා සීමා කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියාමකවරුන්, රියැදුරන් ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලය මාසයේ අවසාන සතියේ සේවයට වාර්තා නොකර සංවිධානාත්මක ලෙස අසනීප නිවාඩු දමමින් ඇත.

මේ නිසා මේ වසරේ පසුගිය මාස කිහිපයේ පමණක් දුම්රිය ගමන්වාර 800කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සෑම මාසයක ම අන්තිම සතියේ අවම වශයෙන් දින 6ක් පමණවත් මෙලෙස ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණෙන බවත් එලෙස සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් විනය පියවර ගැනීම ද ගැටලුවක්ව පවතින බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඒ අතර, ඊයේ (31) දිනයේ පමණක් දුම්රිය නියාමකවරුන් හා රියැදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 25ක් ද, පෙරේදා (30) දිනයේ දුම්රිය ගමන් වාර 18ක් ද අවලංගු කිරීමට දෙපාර්තමේන්තුවට සිදුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *