අත්‍යවශ්‍ය භාණ්ඩ 15 දැවැන්ත සහන මල්ලක් සතොසින්…!

November 8, 2021 at 11:15 am | by emanisa.lk

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

සතොස ඍජු දුරකථන අංක වන 1998ට ඇමතීමෙන් මෙම භාණ්ඩ වර්ග 15 මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව සලසා ඇති බව කී ඇමැතිවරයා ලෝකයේ භාණ්ඩ මිල නිර්ණය කරන රටවල සැපයුම් ජාලය කඩා වැටෙන විට රටකට ඇති එකම විසඳුම නිෂ්පාදනය ශක්තිමත් කිරීම පමණක් බව ද සඳහන් කළේය.

ලංකා සතොස අලෙවිසල් ජාලය හරහා පාරිභෝගිකයාට සහන දීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *