අටළුගම මාරාවේ මිනිස්සු PCR මග අරින්නේ මැරුණොත් පුච්චන නිසා! – උපුල් රෝහණ

December 12, 2020 at 11:39 pm | by emanisa.lk

අටළුගම මාරාව ගමේ මුස්ලිම් ජනතාව PCR පරීක්ෂණ සඳහා පෙනී සිටීමට මැලිකමක් දක්වන්නේ හේතු කිහිපයක් නිසා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ආසාදිතයන් හඳුනාගත් රෝහල්ගත කිරීමේ දී ඇති වන ගැටළු, ඔවුන් මිය ගියහොත් ආදාහනය කරන ආකාරය පිළිබඳ ඇති මතභේදකාරී අදහස් සහ ඔවුන්ය දක්වන ප්‍රමුඛතාව පිළිබඳ අදහස් මීට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුව ද රටේ පොදුවේ මුස්ලිම් ජනතාව අතර මෙවැනි තත්ත්වයක් නොමැති බවත් මාරාව ගමට ආසන්න වේයන්ගොල්ල මුස්ලිම් ගම්මානයේ PCR පරීක්ෂණ 300ක් සූදානම් කළ විට එහි වැසියන් 400ක් පැමිණි බව ද උපුල් රෝහණ වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *