අච්චාරු හෙලිකොප්ටරේට රට හදන්න බෑ..! තරුණයින් සමග රට හදන්න මම ලේස්තියි..! – චන්ද්‍රිකා..

January 15, 2023 at 10:18 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස ගොඩනැඟූ සන්ධානයට මේ රටේ ගැටලු විසඳිය හැකි යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක පවසයි.

හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ, අන්ත ජාතිවාදීන් මෙන් ම ජාතිවාදයට එරෙහි කණ්ඩායම් ද එහි ඇති බවත් කොටසක් එකක් කියන විට අනික් අය තව එකක් කියන බවත් ය.

හෙලිකොප්ටරෙන් ගොස් රටේ බලය ඇල්ලිය හැකි යැයි සිතුව ද මෙතෙක් පැහැදිලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක සඳහන් කළාය.

රට ගොඩනඟන සිය වැඩපිළිවෙළ පිළිගන්නා හොරකම් මැරකම් නොකරන තරුණයින් සමග එකතු වී දේශපාලන කටයුතු කරන බවයි, හිටපු ජනාධිපතිනිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *