අඟුලාන පොලිසිය වටලා ගම්මු පහර දෙති! ගල් මුල් ප්‍රහාරයෙන් පොලිසියට දැඩි හානි! පොලිසියෙන් කඳුලු ගෑස්!

July 16, 2020 at 9:40 pm | by emanisa.lk

අඟුලාන පොලිසිය ඉදිරියේ ඇති වූ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පසුගියදා ලුනාව ප‍්‍රදේශයේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය මරණකරුගේ ඥාතීන් ඇතුළු 100ක පමණ පිරිසක් මෙසේ කලහකාරීව හැසිරී ඇත.

ඔවුනගේ ගල් මුල් ප‍්‍රහාරය හේතුවෙන් පොලිස් ස්ථානයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පොලිස් ස්ථානය අවට ආරක්ෂාව සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට කාන්තාවන් 03 ක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස