ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දෙන්නේ අඟහරු ලෝකයට යාමෙන් පසුවදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් ප්රශ්න කරයි.
ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීම සඳහා ගමනාන්තයට යා යුතු යැයි පවසමින් ලෝකය පුරා ගමන් කරමින් සිටින බවත්, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලිවීම සඳහා ලෝකයේ එහා කොනට යාමට තරම් ප්රමාණවත් කාලයක් ලබාගෙන ඇති බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
69 ලක්ෂයක් ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් විධායක ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂට අද ශ්රී ලාංකිකයන් සිටින කිසිදු රටකට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද මුජිබර් රහුමාන් පවසයි.
අඟහරු ලෝකයට හෝ මන්දාකිණියේ වෙනත් ග්රහලෝකයකට හෝ ගමන් කර, රට ම බලා සිටින ඉල්ලා අස්වීමේ ලිපිය ඉක්මනින් ලබා දෙන ලෙස මන්ත්රීවරයා අවධාරණය කරයි.