අගරදගුරු හිමිට අපහාස කළ කත අත්අඩංගුවට!

October 19, 2020 at 9:44 am | by emanisa.lk

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇති වන ආකරයට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

“මැල්කම් කාදිනල් හිමිපාණන් ගැන සඳහන් කරමින්, විශේෂයෙන් බෞද්ධ හා කතෝලික ආගම් සහ ආගමික භක්තිකයින් යම් ආකාරයක ද්වේෂයක් හා වෛරයක් ඇති වෙන ආකාර ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ ඡාලාවලට වීඩීයෝවක් මුදා හැරීම සම්බන්ධයෙන් 43 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස