අගමැති ගුරු සංගම් සාකච්ඡා අවසන්….! තීන්දුව මෙන්න…!

October 12, 2021 at 4:11 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු වෘත්තිය සංගම් අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ.

ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු සංගම්වල තීරණය හෙට (13) ප්‍රකාශයට පත් කරන බව අදාළ ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලයේ දී අදියර තුනකින් ලබා දීමට යෝජිත වැටුප් වර්ධකය පියවර දෙකක් යටතේ ලබා දීමට අගමැතිවරයා එහි දී යෝජනා කර තිබේ.

කිසිදු ආකාරයකින් එය එක වර ලබා දීමට නොහැකි බව මුදල් අමාත්‍යංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *