අගමැතිගේ විසඳුම් පිළිගන්න බෑ…! වර්ජනය දිගට ම….! – ගුරු සංගම්…

October 13, 2021 at 10:48 am | by emanisa.lk

දැනට සිදු කරන ගුරු සහ විදුහල්පති වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ගුරු සංගම් තීරණය කර තිබේ.

ඊයේ (12) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවලින් සෑහීමකට පත්විය නොහැකි බව එම සංගම්වල මතය වී තිබේ.

ඒ නිසා මෙම වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම සංගම් ප්‍රකාශ කරයි.

යෝජිත වැටුප් වර්ධකය අදියර දෙකක් යටතේ ලබා දීමට අගමැතිවරයා ඊයේ කැමැත්ත පළකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *