ෆොන්සේකා බෑ කිවවට විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවයි…! – හර්ෂ….

August 6, 2022 at 5:45 pm | by emanisa.lk

රට මුහුණ දී ඇති අර්බුදයේ ගැඹුරු ජනතාවගෙන් 99%කට නොවැටහෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

එම ගැටලු විසඳා නොගතහොත් ඉදිරියේ දී ඡන්දයක් කිරීමට හෝ රටක් ඉතිරි නොවනු ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

ඒ සඳහා කිසිවෙකුට තනි තනිව විසඳුම් ලබා දිය නොහැකි බවත් සියලු දෙනා එක්ව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.

සජබ සභාපති සරත් ෆොන්සේකා පෞද්ගලිකව අකමැති වුව ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනීමේ වරදක් නැතැයි තමා විශ්වාස කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේ හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *