ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම ගළවන්න සාකච්ඡා…!

August 11, 2022 at 3:14 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් දරන ෆීල්ඩ් මාර්ෂල් තනතුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ සරත් ෆොන්සේකා විසින් මෑතක දී සිදු කරන ලද බරපතළ ප්‍රකාශයන් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමිනි.

අවසන් අරගලයට කොළඹට පැමිණෙන ලෙසටත් ජීවිත පුදා හෝ අරගලය ජය ගත යුතු බවටත් සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රකාශ කළේය.

ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් ධූරය හමුදා අධිකරණය වරක් ඉවත් කළ අතර එය නැවත ලබා දුන්නේ යහපාලන ආණ්ඩුව සමයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *